spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තෛපොංගල් සැමරුම වෙනුවෙන් යාපනයට ගිය ජනපතිට දැඩි විරෝධයක් (ඡායාරූප)

තෛපොංගල් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) යාපනයට පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා උතුරු පළාතේ ආගමික නායකයින් මුණගැසීම පැමිණි අවස්ථාවේ දී යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විරෝධතාවයක නිරත වුණා.

විරෝධතාවයට එක්වූවන් පැවසූවේ ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයට විරෝධතාවය පළ කරමින් මෙම විරෝධතාවයේ නිරතවන බවයි.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් හා අතුරුදහන්වූවන්ගේ ගැටළුව වෙනුවෙන් ස්ථිර විසදුමක් ලබාදිය යුතු බවට විරෝධතාකරුවන් මෙහිදී පවසා සිටියා.

යාපනය – අරසඩි මංසන්ධිය ප්‍රදේශයේ දී විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට ආරක්ෂක අංශ අවසර ලබානොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ද ඇති වූ අතර, එය පාලනය කිරීමට ජල ප්‍රහාර ද එල්ලකර තිබෙනවා.

පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද විරෝධතාකරුවන් පාලනයට එක්ව සිටි බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
135
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?