මත්ද්‍රව්‍ය භාවිත කර පුනරුත්තාපනය වූ තරුණයෙක් මත්ද්‍රව්‍ය සමග අල්ලයි

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය වූ 17 හැවිරිදි තරුණයකු සහ තවත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සමග ගංජා කිලෝ එකහමාරක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්8 ක් හා මත්පෙති 380ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පුද්ගලයන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය රැගෙන තලංගම බණ්ඩාරවත්ත හන්දියට පැමිණ ඇති බවට තලංගම පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරීන් පිරිසක් වැටලීම සිදුකර තිබෙනවා.

මෙහිදී 17 හැවිරිදි තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ මත් පෙති අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය පානයට දැඩි ලෙස ඇබ්බැහිව සිටින අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා මීට වසර 2කට පමණ ඉහතදී පුනරුත්ථාපන කඳවුරක රඳවා සිට පැමිණි පුද්ගලයකු බව ද හෙළිවී තිබෙනවා.

අනෙක් සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ දීර්ඝ කාලයක සිට නිරතව සිටි අයෙක් බවටයි සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ලබා දුන් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කරනවා.

සැකකාර 17 හැවිරිදි තරුණයා අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් 51 හැවිරිදි අනෙක් පුද්ගලයා බත්තරමුල්ල දදුටුගැමුණු මාවතේ පදිංචි කරුවෙක්.

සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25