සංදර්ශනයක රාජකාරීයේ යෙදී සිටි කොස්තාපල් අනතුරකින් ජීවිතක්ෂයට

අරණායක – මාවනැල්ල මාර්ගයේ අලුපත ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (09) අලුයම සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරණායක පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.

කොස්තාපල්වරයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා දික්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කොස්තාපල්වරයා අරණායක ප්‍රදේශය පැවති සංදර්ශන උත්සවයක රාජකාරීයේ යෙදී සිටි අතර තුර මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කොස්තාපල්වරයා 22 හැවිරිදි වියේ පසුවන කන්තලේ, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06