AFC Banner
Empty Ad
Empty Ad

තීරණාත්මක තරගය ජයගන්න ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

තීරණාත්මක තුන්වන සහ අවසන් T20 තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 229ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

රාජ්කොට් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා අද තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ සුර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 112ක් ලබාගත්තේ පන්දු 51කට මුහුණ දෙමින්. හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් ඊට අයත්.

මෙය සූර්ය කුමාර් යාදෙව්ගේ වාර්තා අතරට එක්වන්නේ ඔහු T20 තරග දිවියේ රැස් කළ තුන්වන ශතකය ලෙසටයි.

Shubman Gill ලකුණු 46යි. රාහුල් ත්‍රිපති ලකුණු 35ක් ලබාගත්තා.

නායක හර්දික් පාන්ඩ්යා ලකුණු 4ක් ලබා සිටියදී දැවී ගියා. Axar Patel නොදැවී 21යි.

දිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් බිඳහෙළුවා. කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඊළඟ මාලිමා ආණ්ඩුවේ අගමැති විජිත හේරත් හෙළි කරයි
04:03
Video thumbnail
තංගල්ල හොල්ලපු මාලිමා රැළියේ ඩ්‍රෝන කැමරාවේ වීඩියෝ මෙන්න
03:02
Video thumbnail
වේදිකාව උඩ ගලවපු පුෂ්පිකාගේ කිරුළ උසාවි නියෝගයකින් යළි පුෂ්පිකාටම
02:53
Video thumbnail
පරිප්පු බද්ද වැඩි කළේ සත 25කින් - කඩේ එවුන් රුපියල් 20කින් පරිප්පු වැඩි කරලා
11:35
Video thumbnail
හිටපු ජනපති ඉල්ලපු දේවල් දැකලා අනුර ජනපතිට හොඳටම තදවෙයි
06:07
Video thumbnail
මාස තුනෙන් අපි වැටෙනවාලු - පව් අප්පා ජනපති කියයි
05:31
Video thumbnail
අනුර ජනපති වෙලා රැළියක අමතපු පළවෙනි සැරේම කරපු සැර කතාව
32:20
Video thumbnail
මාලිමාවේ වැඩකාරයා ටිල්වින් වේදිකාව හොල්ලයි
11:31
Video thumbnail
මාලිමාවේ පළමු රැළිය උණුසුම් කරපු ජනප්‍රිය නිළිගේ කතාව මෙන්න
09:00
Video thumbnail
මාලිමාවේ තංගල්ලේ රැස්වීමට අනුර ජනපති හදිසියේ එයි
02:47

?