තීරණාත්මක තරගය ජයගන්න ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

තීරණාත්මක තුන්වන සහ අවසන් T20 තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 229ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

රාජ්කොට් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක හර්දික් පාන්ඩ්යා අද තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 228ක් ලබාගත්තා.

විශිෂ්ඨ පිති හරඹයක නිරත වූ සුර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 112ක් ලබාගත්තේ පන්දු 51කට මුහුණ දෙමින්. හයේ පහර 9ක් සහ හතරේ පහර 7ක් ඊට අයත්.

මෙය සූර්ය කුමාර් යාදෙව්ගේ වාර්තා අතරට එක්වන්නේ ඔහු T20 තරග දිවියේ රැස් කළ තුන්වන ශතකය ලෙසටයි.

Shubman Gill ලකුණු 46යි. රාහුල් ත්‍රිපති ලකුණු 35ක් ලබාගත්තා.

නායක හර්දික් පාන්ඩ්යා ලකුණු 4ක් ලබා සිටියදී දැවී ගියා. Axar Patel නොදැවී 21යි.

දිල්ෂාන් මදුෂංක කඩුලු දෙකක් බිඳහෙළුවා. කසුන් රාජිත, මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14