31 රෑ ගෝල් ෆේස් සංගීත ප්‍රසංගයේ දී ඇමති බන්දුල සහ රූපවාහිනී සභාපති ඇවිලුනා ද ? – ඇත්ත කතාව එළියට

පසුගිය 31 වනදා රාත්‍රියේ සංචාරක අමාත්‍යාංශය විසින් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සහභාගී කරගනිමින් ගාලු මුවදොර පිටියේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.

අති විශාල ජනතා සහභාගීත්වයකින් පැවති මෙම සංගීත ප්‍රසංගයේ සජීවී විකාශන කටයුතු භාරව තිබුණේ ජාතික රූපවාහිනියටයි.

මෙම සංගීත ප්‍රසංගයෙන් පසු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති ඩබ්ලිව්. බී. ගනේගල අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවට පුවතක් පැතිර යනවා.

අමාත්‍යවරයාගේ පුතාට මෙම සංගීත ප්‍රසංගයේ දී ගීත ගයනා කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් සභාපතිවරයාට මෙලෙස බැන වැදී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති ඩබ්ලිව්. බී.ගනේගලගෙන් අප විමසීමක් කළා.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ එවැනි සිදුවීමක් එම අවස්ථාවේ දී සිදු නොවූ බවයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීම සඳහා ඔහුව සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ අතර, අමාත්‍යවරයාගේ දුරකථනය ක්‍රියා විරහිතකර තිබූ බැවින් ඒ හා සම්බන්ධවීමට හැකියාව ලැබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26