spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

31 රෑ ගෝල් ෆේස් සංගීත ප්‍රසංගයේ දී ඇමති බන්දුල සහ රූපවාහිනී සභාපති ඇවිලුනා ද ? – ඇත්ත කතාව එළියට

පසුගිය 31 වනදා රාත්‍රියේ සංචාරක අමාත්‍යාංශය විසින් දිවයිනේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් සහභාගී කරගනිමින් ගාලු මුවදොර පිටියේ සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා.

අති විශාල ජනතා සහභාගීත්වයකින් පැවති මෙම සංගීත ප්‍රසංගයේ සජීවී විකාශන කටයුතු භාරව තිබුණේ ජාතික රූපවාහිනියටයි.

මෙම සංගීත ප්‍රසංගයෙන් පසු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති ඩබ්ලිව්. බී. ගනේගල අතර වචන හුවමාරුවක් සිදුව ඇති බවට පුවතක් පැතිර යනවා.

අමාත්‍යවරයාගේ පුතාට මෙම සංගීත ප්‍රසංගයේ දී ගීත ගයනා කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් සභාපතිවරයාට මෙලෙස බැන වැදී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති ඩබ්ලිව්. බී.ගනේගලගෙන් අප විමසීමක් කළා.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ එවැනි සිදුවීමක් එම අවස්ථාවේ දී සිදු නොවූ බවයි.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීම සඳහා ඔහුව සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළ අතර, අමාත්‍යවරයාගේ දුරකථනය ක්‍රියා විරහිතකර තිබූ බැවින් ඒ හා සම්බන්ධවීමට හැකියාව ලැබුනේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?