spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ඇමති මනුෂගේ ප්‍රකාශයකට කෝප් කමිටුවේ අප්‍රසාදය

කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය මනුෂ නානායක්කාර විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) බලතල දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සිය කනගාටුව පළ කිරීමටයි කමිටුව තීරණය කර ඇත්තේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමටත් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස් වුණා.

එහිදී යි මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ අප්‍රසාදය පළවී ඇත්තේ.

කම්කරු අමාත්‍යවරයා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල මෙසේ විවේචනයට ලක් කර ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනි දා පැවැති ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී බව කෝප් කමිටුව පවසනවා.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා කළ මෙම විවේචනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලිපියකින් දැනුම්දී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළා.

මහජන නියෝජිතයන්ගේ මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බව තමාගේ අදහස බවයි විගණකාධිපතිවරයා එම ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?