ඇමති මනුෂගේ ප්‍රකාශයකට කෝප් කමිටුවේ අප්‍රසාදය

කම්කරු සහ රැකීරක්ෂා අමාත්‍ය මනුෂ නානායක්කාර විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුවේ) බලතල දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් එම කමිටුවේ දැඩි අප්‍රසාදය පළවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සිය කනගාටුව පළ කිරීමටයි කමිටුව තීරණය කර ඇත්තේ.

මීට අමතරව මේ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කිරීමටත් ජනාධිපතිවරයා ලිඛිතව දැනුවත් කිරීමටත් කෝප් කමිටුව තීරණය කර තිබෙනවා.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ රැස් වුණා.

එහිදී යි මනුෂ නානායක්කාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ අප්‍රසාදය පළවී ඇත්තේ.

කම්කරු අමාත්‍යවරයා විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල මෙසේ විවේචනයට ලක් කර ඇත්තේ ඔහුගේ ප්‍රධානත්වයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මස 22 වැනි දා පැවැති ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී බව කෝප් කමිටුව පවසනවා.

මනුෂ නානායක්කාර අමාත්‍යවරයා කළ මෙම විවේචනය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ලිපියකින් දැනුම්දී ඇති බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කළා.

මහජන නියෝජිතයන්ගේ මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බව තමාගේ අදහස බවයි විගණකාධිපතිවරයා එම ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43