විදුලිබල ඇමැතිගේ ප්‍රකාශය සාවද්‍යයි ! හරියට ගණං හදලා බලන්න – පාඨලීගෙන් කංචනට පිළිතුරක්

ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභයන් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිදු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඊයේ (03) ට්විටර් පණිවුඩයක් යොමු කරමින් කංචන විජේසේකර සඳහන් කළේ ජල විදුලි පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක තුළ ලංකා විදුලිබල මණ්ඩලය මෙහෙයුම් ලාභයක් ලැබූ බවයි.

එම මෙහෙයුම් ලාභයට හේතුව 2022 අගෝස්තු මාසයේ සිදු කරන ලද ගාස්තු ඉහළ නැංවීම නොවන බවයි ඔහු එමගින් පෙන්වාදී තිබුණේ.

ඒ අනුව 2017 වසරේ සිට 2022 දක්වා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සහ පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා සිදු කරන ලද ප්‍රකාශ සාවද්‍ය සහ නොමග යවන සුළු ඒවා බව ද අමාත්‍ය විජේසේකරගේ අදහස වී තිබෙනවා.

කෙසේවෙතත්, අමාත්‍යවරයාට පිළිතුරු දෙන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දී ඇත්තේ 2022 වසරේ ඔක්තෝබර් මාසයේ ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොකළේ නම් ලංකා විදුලිබල මණ්ඩලය මසකට රුපියල් බිලියන 11ක අලාභයක් ලබනු ඇති බවයි.

විදුලි උත්පාදනය සඳහා 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාස දෙක තුළ ජල විදුලි භාවිතය පිළිවෙලින් ගිගාවොට් පැය 635.5 ක් සහ 655 ක් වූ බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, ලංකා විදුලි බල මණ්ඩලයේ වියදම අඩු වී ඇති බව ද පෙන්වා දෙනවා.

පාඨලී චම්පික රණවක මහතා විදුලිබල ඇමැතිවරයා දැනුම් දෙන්නේ අසත්‍ය සහ නොමගයවන සුළු ප්‍රකාශ සිදු නොකර ඊට පෙර තමන්ගේ ගණනය කිරීම් නිසි ආකාරයෙන් සිදු කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06