කුලී රථ රියදුරාගේ ඝාතනයේ සුලමුල එළියට

කුලී රථ රියදුරෙකු ඝාතනය කර ඔහු පැදවූ මෝටර් රථය කොල්ලකෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අතර ඝාතනයට සෘජුව සම්බන්ධ වූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන හිටපු නාවික සෙබළෙකු සහ හිටපු යුද හමුදා සෙබලෙකු මෙන්ම ඝාතනයට ලක්වූ වූ පුද්ගලයාගේ ජංගම දුරකථන 2 උකසට ගත් පුද්ගලයා ද වන බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

දෙඅත් පිටුපසට කර හා කට ගැට ගසා මෙම කුලී රථ රියදුරුට පහර දී පුවත්පතක කොටසක් මුව තුලට ඔබා ගෙල මිරිකා ඝාතනය කර ඔහු පැදවූ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සැකකරුවන් විසින් කොල්ලකා තිබුණා.

මෙම ඝාතනයට සෘජුව සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූයේ මිනුවන්ගොඩ ගල්ලොලුව පදිංචිව සිටි 48 හැවිරිදි එක් දරු පියෙක්.

අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරුවන් සිව්දෙනා පසුගිය 14 වනදා එම ප්‍රදේශයෙන් බස් රථයට නැග පිටත්ව ඇත්තේ කාගේ හෝ මෝටර් රථයක් පැහැරගෙන එය කොටස් කර අලෙවි කර මුදල් සොයා ගැනීමට සැලසුම් කරමින් බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් රත්නපුර නගරයට පැමිණීමෙන් අනතුරුව නුගේගොඩ ප්‍රදේශයේ වාහන කුලී පදනම මත ලබා දෙන සමාගමකට දුරකථනයෙන් අමතා කටුනායක ගුවන්තොටුපල වෙත යාම සඳහා මෝටර් රථයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.

ඒ අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දුරකතනයට ඇමතුමක් ගත් එම සමාගම රත්නපුර නගරයට යන ලෙස කරන ලද දැනුම් දීම අනුවයි ඝාතනයට ලක් වූ අශෝක බණ්ඩාර රාත්‍රී 8.45ට පමණ රත්නපුර නගරයට පැමිණ ඇත්තේ.

එහි දී ප්‍රධාන සැකකරුවන් දෙදෙනා සහ තවත් දෙදෙනෙක් මෝටර් රථයට නැග කටුනායක ගුවන්තොටුපල වෙත යාමට අවශ්‍ය බවට පැවසීමෙන් අනතුරුව ඉංගිරිය හොරණ හරහා ගැලනිගමට පැමිණ අධිවේගී මාර්ගය ඔස්සේ යමු යනුවෙන් රියදුරා සැකකරුවන්ට පවසා තිබූ අතර ඔවුන් ඊට සිය එකඟතාවය ලබා දී තිබූ බව ද සැකකරුවන්ගෙන් ප්‍රකාශවලින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ඝාතනයට ලක් වූ රියදුරා රත්නපුර සිට කිරිඇල්ල හරහා පැමිණීමේදී ශාරීරික අවශ්‍යතාවයක් තිබෙන බව පවසා මඩවල පාලු ප්‍රදේශයේදී මෝටර් රථය නතර කරන ලෙසට මෝටර් රථයේ සිටි එක් පුද්ගලයෙක් පවසා තිබෙනවා.

ඒ අනුව අශෝක බණ්ඩාර ඇතුළු සියලුම දෙනා මෝටර් රථයෙන් බැස ශාරීරික අවශ්‍යතාවය ඉටු කරගෙන තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේ දී එකවරම හිටපු නාවික සෙබළා මෝටර් රථයෙන් පිටත සිටි රියදුරා වෙත කඩා කඩා පැන පහර දී ඇති අතර ඔහු අනුගමනය කරමින් අනෙකුත් සැකකරුවන් ද ඔහුට අමානුෂික ලෙස පහර දී ඇතැයි සඳහන්.

පසුව ඔහු එම ස්ථානයෙන් පලා යන්නට උත්සාහ කිරීමේදී පය පැටලී ඇද වැටී ඇතැයි ද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

අනතුරුව මෝටර් රථයේ පිටුපස අසුන වෙත රියදුරු දමා ගත් සැකකරුවන් ඔහුගේ කමිසය සහ කලිසම ගලවා දෙඅත් පිටුපසට කර ඔහු හැඳ සිටි බැනියමෙන් ගැට ගසා පිටුපස අසුනේ සිටි පුද්ගලයන් දෙදෙනා විසින් හිසට සහ ශරීරයේ සෑම තැනටම පහර දී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මද වේලාවකදී රියදුරු අසුන වෙත පැමිණ තිබූ හිටපු හමුදා සෙබලා මෝටර් රථය පණ ගන්වා හොරණ තෙක් පැමිණ ඇති අතර අතරමගදී පිටුපස අසුනේ සිටි සෙසු පුද්ගලයන් දෙදෙනා සති අන්ත පුවත්පතක කොටසක් ගෙන රියදුරාගේ මුව තුලට උගුර තෙක් තද කර දමා ගෙලද මිරිකා අනතුරුව මෝටර් රථය තුළ තිබූ ඔහුගේ ඇඳුම් බෑගයෙන් බැනියමක් ගෙන මුව වැසෙන සේ ගැට ගසා ඇතැයි සැකකරුවන්ගේ ප්‍රකාශවලින් හෙළිවී තිබෙනවා.

හොරණ තෙක් පැමිණිය ද සිරුර පිටතට දැමීමට සුදුසු ස්ථානයක් නොවීම හේතුවෙන් නැවතත් රත්නපුර දෙසට පැමිණීමේ දී ඉංගිරිය නම්බපාන පාලම ආසන්නයේ පාළු ප්‍රදේශයේදී රියදුරුගේ සිරුර බෑවුමකට ඇද දමා ජංගම දුරකතන දෙක සහ මෝටර් රථය රැගෙන සැකකරුවන් පලා ගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව අමානුෂික ලෙස පහර දී ගෙල මිරිකා සිදුකරන ලද ඝාතනයක් බවට අනාවරණය වීමෙන් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ කෙරුණේ.

ඒ අනුව විමර්ශන කඩිනම් කළ නිලධාරීන් නුගේගොඩ කුලී රථ සමාගම වෙත ලැබී තිබූ දුරකථන අංකය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයේදී අනතුරුව ප්‍රධාන සැකකරුවකු වන හිටපු නාවික සෙබළා මෝටර් රථය විකිණීම සඳහා පදවාගෙන එමින් සිටියදී අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස පශ්න කරනු ලැබුවා.

එහිදීයි ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු අනුව හිටපු හමුදා සෙබළා ද එම ප්‍රදේශයේ දීම අත්අඩංගුවට ගත් පොලිසිය ඝාතනයට ලක්වූ රියදුරු සතුව තිබූ ජංගම දුරකතන දෙක රුපියල් 10000ක මුදලකට උකසට ගත් පුද්ගලයා ද එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී රථ රියදුරුගේ ඝාතනයට සම්බන්ධ සෙසු සැකකරුවන් දෙදෙනා ද එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ප්‍රදේශය හැර පලා ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12