ඩුබායි සුද්දා අත්අඩංගුවට

නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

අද විදේශ රැකියා අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවීමේදීයි ඔහු අත්අඩංගුවට ගැනුනේ.

සැකකරු අද පස්වරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඕමානයේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඩුබායි සුද්දා නම් පුද්ගලයා පසුගිය කාලය තුල මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණ කළ අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ප්‍රකාශ ලබාදුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්