ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් – ද්විත්ව පුරවැසි අයදුම්පත්‍රත් ඉහළට

2021 වසරේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ගුවන් ගමන් බලපත්‍ර 382,560ක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

2020 වර්ෂයට සාපේක්ෂව එය වැඩිවීමක් පෙන්නුම් කර ඇති බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එලෙස නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර අතර රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර 398ක් ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

මේ අතර, 2021 වසරේදී ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම වෙනුවෙන් පුද්ගලයින් 5401 දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

ඉන් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව 1,621ක්.

අමෙරිකාවෙන් 795 දෙනෙකු, කැනඩාවෙන් 371 දෙනෙකු, එක්සත් රාජධානියෙන් 885 දෙනෙකු මෙලෙස ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්කළ පිරිස අතර සිටින බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැවසුවේ.

ඒ, අනුව අදාළ පිරිසට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමට එම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11