මේ වනවිට චීනයේ ඉතා දරුණු අන්දමින් කොවිඩ් 19 වෛයිරසය ව්‍යාප්තවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙලෙස පැතිර යමින් තිබෙන්නේ කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7 උප ප්‍රභේදය බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් චින්යයේ බීජිං අගනුවර රෝහල් කොවිඩ් ආසාධිතයින්ගෙන් පිරීගොස් ඇති බවයි වාර්තා වන්නේ.
රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව සඳහන්.
මේ අතර ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ් 19 ආසාදිතයන් සුවපත් කිරීම සඳහා නිපදවූ “පැක්ස්ලොවිඩ්” නම් ඖෂධය චීනයේ බීජිං අගනුවර ආසාදිතයන්ට ලබාදීමට චීන රජය තීරණය කර තිබෙනවා.
කොවිඩ් 19 සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදිත “පැක්ස්ලොවිඩ්” ඖෂධය ආනයනය කරමින් එය ලබාදීමට චීන සෞඛ්‍ය අංශ තීරණය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ දැඩි සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමඟ මෙලෙස යලිත් චීනය තුළ කොවිඩ් වෛරසය පැතිර ගියා.
සෞඛ්‍ය සීමා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වීමත් සමඟයි එරට රජය මේ ආකාරයෙන් සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට තීරණය කෙරුණේ.




