චීනයේ යළිත් කොවිඩ් දරුණු අතට – ඇමරිකානු ඖෂධයක් ලබාදීමටත් අනුමැතිය

මේ වනවිට චීනයේ ඉතා දරුණු අන්දමින් කොවිඩ් 19 වෛයිරසය ව්‍යාප්තවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස පැතිර යමින් තිබෙන්නේ කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7 උප ප්‍රභේදය බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් චින්යයේ බීජිං අගනුවර රෝහල් කොවිඩ් ආසාධිතයින්ගෙන් පිරීගොස් ඇති බවයි වාර්තා වන්නේ.

රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මේ අතර ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ් 19 ආසාදිතයන් සුවපත් කිරීම සඳහා නිපදවූ “පැක්ස්ලොවිඩ්” නම් ඖෂධය චීනයේ බීජිං අගනුවර ආසාදිතයන්ට ලබාදීමට චීන රජය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ෆයිසර් සමාගමේ නිෂ්පාදිත “පැක්ස්ලොවිඩ්” ඖෂධය ආනයනය කරමින් එය ලබාදීමට චීන සෞඛ්‍ය අංශ තීරණය කළ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ දැඩි සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට චීන රජය පියවර ගැනීමත් සමඟ මෙලෙස යලිත් චීනය තුළ කොවිඩ් වෛරසය පැතිර ගියා.

සෞඛ්‍ය සීමා සම්බන්ධයෙන් දැඩි ජනතා විරෝධයක් නිර්මාණය වීමත් සමඟයි එරට රජය මේ ආකාරයෙන් සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට තීරණය කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20