දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණවල අලුත්ම තත්ත්වය

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 75කට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියාසිටියේ අදාළ සාක්ෂිවලින් ලැබෙන තොරතුරු මත නව සාක්ෂි සටහන් කර ගැනීම සහ තවදුරටත් ප්‍රකාශ ලබාගැනීම ද සිදු කෙරෙන බවයි.

කෙසේවෙතත් සිද්ධියට අදාළව මෙතෙක් කිසිදු සැකකරුවෙකු නිශ්චිතව හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කුමන ආකාරයට ද යන්න සහ එහි සැලසුම සහ අපේක්ෂාවන් හෙළි කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේයි මෙම විමර්ශන සිදු කෙරෙන්නේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලුදෙනාම පාහේ ආවරණය වන පරිදි මේවන විට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

සී. සී. ටී. වී. දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන සිදු කෙරෙන අතර පරීක්ෂණවලට එම දර්ශන විශාල සහායක් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08