spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දිනේෂ් ෂාෆ්ටර් ඝාතනයේ පරීක්ෂණවල අලුත්ම තත්ත්වය

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 75කට වැඩි පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියාසිටියේ අදාළ සාක්ෂිවලින් ලැබෙන තොරතුරු මත නව සාක්ෂි සටහන් කර ගැනීම සහ තවදුරටත් ප්‍රකාශ ලබාගැනීම ද සිදු කෙරෙන බවයි.

කෙසේවෙතත් සිද්ධියට අදාළව මෙතෙක් කිසිදු සැකකරුවෙකු නිශ්චිතව හඳුනා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කුමන ආකාරයට ද යන්න සහ එහි සැලසුම සහ අපේක්ෂාවන් හෙළි කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේයි මෙම විමර්ශන සිදු කෙරෙන්නේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලුදෙනාම පාහේ ආවරණය වන පරිදි මේවන විට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

සී. සී. ටී. වී. දර්ශන උපයෝගී කර ගනිමින් විමර්ශන සිදු කෙරෙන අතර පරීක්ෂණවලට එම දර්ශන විශාල සහායක් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?