පේරාදෙණියේ හිටපු උපකුලපතිට පහරදුන් සිසුන් යළි රිමාන්ඩ්

පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකාර සිසුන් 12 දෙනා ලබන ජනවාරි මස 4 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ද අත්අඩංගුවට ගන්නා ලෙසටයි අධිකරණ නියෝග කර ඇත්තේ.

මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය ලබාදුන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ මූලික විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බව අධිකරණයට දන්වා සිටි අතර පොදු දේපළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබු බව සඳහන්.

අද සිසුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර ඔවුන් හඳුනා ගැනීම සඳහා හිටපු උපකුලපතිවරයා, ඔහුගේ පුත් විදුර සේනාරත්න ඇතුළු හය දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී මහචාර්ය අතුල සේනාරත්න මහතා සිසුන් 06 දෙනෙකු හඳුනා ගත් බවයි අප වාර්තාකරුවන් කියාසිටියේ.

මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන පේරාදෙණිය පොලිසිය විසින් සිදු කරන ලද අතර පසුව එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යටතට පත් කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ සිසුන් කලා හා විද්‍යා පීඨවල අධ්‍යාපනය ලබන අතර ඔවුන් සියලු දෙනාගේ ශිෂ්‍යභාවය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් මේ වනවිට අත්හිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09