TNA ජනපති හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කර තිබෙනවා.

පසුගියදා පැවති සර්ව පාක්ෂික හමුවේදී සාකච්ඡා වූ කරුණු ඉදිරියට සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අද සාකච්ඡාවේදී අවධානයට ලක්වූ බවයි දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කියාසිටියේ.

අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍යවරයා මෙන්ම අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ද මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

එමෙන්ම දෙමළ සන්ධානයෙන් පක්ෂ නායක ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් එක්වූ අතර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද මෙම සාකච්ඡාවට එක්ව සිටි බව සඳහන්.

මෙම සාකච්ඡාවේදී දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඉන් 5 දෙනෙකු පමණ නිදහස් කිරීමට හැකියාව පවතින බවයි. අනෙක් පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන බව නීතිපතිවරයා දන්වා තිබෙනවා.

එමෙන්ම උතුරේ ඉඩම් යළි හිමිකරුවන් වෙත නිදහස් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වූ බවයි එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එහිදී ප්‍රකාශ වී ඇත්තේ අදාළ ඉඩම් සම්බන්ධයෙන් යුද හමුදාව සමග සාකච්ඡා කර ඇති බවටයි.

ලබන ජනවාරි මස 3 වනදා පැවැත්වෙන ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම ඉඩම් සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කර ඒවා නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටයි ප්‍රකාශ වී ඇත්තේ.

අනතුරුව අනෙකුත් ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවට මෙම හමුවේදී තීරණය වී තිබෙනවා.

යළිත් ජනවාරි මස 5 වනදා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?