ඉල්ලා අස්වන දිනය ගැන ට්විටර් ප්‍රධානියාගෙන් ඉඟියක්

අනුප්‍රාප්තිකයෙකු හමුවූ වහාම තමන් ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරි ධුරයෙන් ඉල්ලා අස්වන බව එලොන් මස්ක් පවසනවා.

ඔහු ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ කළ මත විමසුමක ප්‍රතිඵලයට අවනත වන බවට පොරොන්දු වූ අතර පරිශීලකයින්ගෙන් 57.5%ක් ඔහු ඉවත්විය යුතු බවටයි ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රධාන විධායක නිලධාරි ධුරයට වෙනත් අයෙකු පත් කිරීමෙන් පසු තමාගේ සුපුරුදු කටයුතුවල නිරතවන බව සඳහන් කර තිබෙනවා.

ඔහු ට්විටර් සමගම පවරා ගැනීමෙන් පසු සිදුවූ වෙනස්කම් දැඩි විවේචනයන්ට ලක් වුණා.

ඉලෝන් මස්ක් ඔක්තෝම්බර් මාසයේදී ට්විටර් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය මිලදී ගත් දා සිට, ඔහු එහි කාර්ය මණ්ඩලයෙන් අඩක් පමණ සේවයෙන් පහ කර තිබෙනවා.

සිකුරාදා, ට්විටර් ආවරණය කරන ඇතැම් මාධ්‍යවේදීන් තහනම් කිරීමට ට්විටර් ගත් තීරණය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද හෙළා දැක තිබුණා.

මාධ්‍ය නිදහස සෙල්ලම් බඩුවක් නොවන බවට එක්සත් ජාතීන්ගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කළ අතර යුරෝපා සංගමය ට්විටර් වෙත සම්බාධක පනවන බවට ද තර්ජනය කළා.

ඉල්ලා අස්විය යුතුදැයි විමසමින් ඉරිදා ක්‍රියාත්මක කළ මත විමසුමට ඔහු ප්‍රතිචාර දැක්වූ පළමු අවස්ථාව මෙයයි.

මිලියන 17.5 කට අධික පරිශීලකයින් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, 42.5%ක් මස්ක් ඉවත් වීම සම්බන්ධයෙන් අකමැති බවට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

Elon Mask


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16