AFC Banner
Empty Ad
Empty Ad

ඇගළුම් කර්මාන්ත ශාලාවක ගින්නක් – කෝටියකට අධික දේපල හානි

වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශණාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගින්නෙන් විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශවී තිබෙනවා.

කළුතර නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර ගින්න ඇතිවිමත් සමගින් එහි තිබූ රෙදිපිලි විශාල ප්‍රමාණයක් සේවකයින් විසිනි පිටතට රැගෙන ගොස් තිබුණා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර, මෙමගින් සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බව සඳහන්.

වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?