ඇගළුම් කර්මාන්ත ශාලාවක ගින්නක් – කෝටියකට අධික දේපල හානි

වාද්දුව මොරොන්තුඩුව පාරේ කන්දඋඩවත්ත ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශණාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මහල් තුනකින් යුත් එහි දෙවන මහලේ ගින්න හටගෙන තුන්වන මහලට සහ පළමු මහළට ගින්න පැතිරී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගින්නෙන් විදුලි උපකරණ සහ රෙදිපිළි මුළුමනින්ම විනාශවී තිබෙනවා.

කළුතර නගර සභාවේ ගිනි නිවීම් රථ දෙකක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළ අතර ගින්න ඇතිවිමත් සමගින් එහි තිබූ රෙදිපිලි විශාල ප්‍රමාණයක් සේවකයින් විසිනි පිටතට රැගෙන ගොස් තිබුණා.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන අතර, මෙමගින් සිදුව ඇති දේපල හානිය රුපියල් කෝටියකට අධික බව සඳහන්.

වාද්දුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43