සිරිපා වන්දනා සමය අදින් ඇරඹෙයි (ඡායාරූප)

අදට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙන් 2022 – 2023 ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වනවා.

පුරා මාස 06ක කාලයක් පැවැත්වෙන ශ්‍රී පාද වන්දනා වාරය, නිමාවට පත්වන්නේ ලබන වසරේ (2023) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන්.

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරීම වෙනුවෙන් මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල – ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ රැගත් රිය පෙරහැර ඊයේ (06) දිනයේ ගමන් ආරම්භ කළා.

එලෙස වැඩම වූ සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ සිරිපා මළුවේ තැන්පත් කිරීම සිදුකරනු ලැබුවේ අද (07) අලුයමයි.

මේ අතර, 2022-2023 ශ්‍රි පාද වන්දනා වාරයේ දී ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රි පාදස්ථානය පූජනිය ස්ථානයක් ලෙස සලකා පරිසරය රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රි පාද ස්ථානාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම අදින් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙනුවෙන් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සූදානම් කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළා.

https://youtu.be/mhAvFUn1JJI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අචින්ති තම්පි භවති - චින්ති තම්පි විනස්සති
01:48
Video thumbnail
රටේ පාලකයෝ මහ සංඝරත්නයට කතා කරන්නේ වනචාරීන් කියලා..සජිත් සැර වෙයි
05:28
Video thumbnail
බැලස්ටික් මිසයිල ප්‍ර#ර ෆාම් ජුමේරා අහසේදී විනාශ කළ අයුරු..යුද ගිනි දැල් ඇවිලෙන මැදපෙරදිග
01:10
Video thumbnail
තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට උපදෙසක්
04:43
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තුවට..? රනිල් දීපු උත්තරේ
01:52
Video thumbnail
JVP එකෙන් අයින්වෙලා පෙරටුගාමින්ට එකතු වෙන්න..ජවිපේ වාමාංශික නෑ..තියෙන්නේ බොරුවයි..ඉරිසියාවයි
04:26
Video thumbnail
ශම්මිට විරුද්ධව CIDයට පැමිණිල්ලක් - ජනපති ශම්මිට නැමිලා පූස් පැටියෙක් වගේ වෙලා
06:17
Video thumbnail
පිහිණුම් තටාකය වසා දැමීම නිසා පිහිණුම් ක්‍රීඩකයින් අසරණ වෙයි..ළමයින්ට මෙහෙම කරන්න එපා
07:50
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට සැරටම දෙසයි..ආණ්ඩුව විශ්වාසනම්..මිනිස්සු තෙල් පෝළිම්වල ඉන්නේ නෑ
05:26
Video thumbnail
අනිවාර්යයෙන් QR එක හඳුන්වලා දෙනවා ?තෙල්වලට මුදල් QR එකෙන්ම ගෙවීමේ අවස්ථාවක්
02:45