තෝරාගත් දින කිහිපයක පුද්ගලික බස් රථ ධාවනය අඩු කිරීමේ තීරණයක් (වීඩියෝ)

සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා දිනවල, පෝය දිනවල සහ රජයේ විශේෂ නිවාඩු දිනවල පුද්ගලික බස් රථ ධාවනය 40%ක් දක්වා අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.

බස් රථවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව අඩු වී තිබීමත්, ඉන්ධන භාවිත අඩු කිරීමත් ඇතුළු කරුණු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

මේ අතර, ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඔටෝ ඩීසල් මිල අඩු කිරීමට තීරණය කළ ද බස් ගාස්තුවේ අඩුවීමක් සිදුනොවන බවයි මාධ්‍යවෙත අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කර සිටියේ.

බස් ගාස්තු අඩු කිරීමක් සිදුකිරීමට නම් අවම වශයෙන් ඩීසල් මිල රුපියල් 35.00ක පමණ මුදලකින් අඩුවිය යුතු බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

https://youtu.be/A2RphSiX480
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?