වරායෙන් රුපියල් බිලියන 24ක ලාභයක්

වරාය ලාභ ලබන ආයතනයක් බවට මේ වනවිට පත්ව ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කරනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව සඳහන් කළා.

පසුගිය වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ වරාය රුපියල් බිලියන 24ක ලාභයක් උපයා ඇති බවයි අමාත්‍ය සිරිපාල ද සිල්වා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර තවත් මගී නෞකා 06ක් ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත බව ඔහු එහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?