සීසර්ලා සමඟ පොර බැඳි පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය රෝහලේ

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මියට අයත් යතුරු පැදියක   ලීසිං වාරිකය ප්‍රමාද වීම නිසා යතුරුපැදිය රැගෙන යාමට පැමිණි සීසර්ලා විසින් තල්ලුකිරීම නිසා ඇදවැටී රෝහල්ගත කර ඇත. ඇය ඒ පිළිබඳව වාද්දුව පොලිසීයට පැමිණිලි කර ඇත.

මගහැරුන වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී තිබුණත් එම මුදල් ගෙවීම ඇය මගහැර ඇති අතර ඊයේ (30) හවස සීසර්වරුන් හත් දෙනකු පැමිණ යතුරුපැදිය රැගෙන යාමේදී මන්ත්‍රීවරිය ඊට විරෝධය පලකිරීමේදි මෙලෙස අනතුරට ලක්වූ බව පැමිණිල්ලේ සදහන්ව ඇතැයි පොලිසිය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?