පුණ්‍ය කටයුතුවලට මුල්තැන දෙමින් 38 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ තඹුත්තේගම මධ්‍ය විද්‍යාල ජාතික පාසල

1984 වසරේ දී වර්තමාන ජනාධිපති එවකට අධ්‍යාපන අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් විවෘත කර ආරම්භ කළ තඹුත්තේගම මධ්‍ය විද්‍යාලය සිය 38 වන සංවත්සරය පසුගිය 26 වනදා සමරණු ලැබුවා.

ඒ, වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක්ම එදින සංවිධානය කර තිබුණා.

විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන් ඇතුළු දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් විදුහල්පති පූජ්‍ය මහමාන්කඩවල ධම්මසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම සංවත්සර වැඩසටහන සංවිධානය කර තිබූ බව සඳහන්.

තඹුත්තේගම මූලික රෝහලේ නේවාසික රෝගීන්ට හා තඹුත්තේගම ආයුර්වේද රෝහලේ නේවාසික රෝගීන්හට දහවල් ආහාර වේලක් ලබාදීමට ද මෙහිදී සිදු කෙරුණා.

මීට අමතරව තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ සිට ස්වාමීන් වහන්සේලා 38 නමක් විද්‍යාලට වඩම්මවා දහවල් දානය පූජා කිරීම ද මෙහිදී සිදු කළා.

විද්‍යාලයේ මීට පෙර සේවය කළ මේ වනවිට මියගොස් සිටින විදුහල්පතිවරුන්ට ,ගුරුභවතුන්ට සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ට පින් පැමිණ වීමක් ද මෙම අවස්ථාවේ දී සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?