විනය ප්‍රශ්නයක් නැතුව චාමිකව එළියට දානවා කියන එකේ ප්‍රශ්නයක් – අර්ජුන

විනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳ තීරණය කළ යුත්තේ ක්‍රිකට් පාලක මණ්ඩලය මිස ක්‍රිකට් තේරීම් කමිටුව නොවන බව ජාතික ක්‍රිඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග පවසනවා.

ක්‍රීඩා අමාත්‍යවරයා සමග ඊයේ (23) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හෙට (25) ආරම්භ වන ඇෆ්ගනිස්ථාන තරගාවලියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී ඔහු සඳහන් කර සිටියේ චාමික කරුණාරත්නට තමන් නිවැරදි බවට විශ්වාසයක් පවතීනම් ලබා දී ඇති දඬුවම සම්බන්ධයෙන් ඔහුට ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවයි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජාතික ක්‍රිඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග,

“විස්සයි විස්සේ දක්ෂතා අතර නැත්නම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් එක්දින තරගවල දක්ෂතා දක්වලා තියෙන නිසා කණ්ඩායමට දාලා විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනයෙන් කියනවා එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නම් ඒ ගැන පරීක්ෂණයක් කරලා එතැනින් ක්‍රමවේදයක් හදන එක තමා අපි කිව්වේ. හරි විදියට කරන්න තිබුණා කියලා. එහෙම වුණා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.විනය ප්‍රශ්නයක් නැතුව චාමිකව එළියට දානවා කියන එකේ ප්‍රශ්නයක් මටත් තියෙනවා. හැබැයි ඒක තේරුම් කරලා දුන්නා දැන් විනය ප්‍රශ්නයක් තියෙන්නේ කියලා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57