ජනපති මන්නාරමට (ඡායාරූප)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මන්නාරම ජනතාවගේ ගැටළු සොයා බැලීම සහ එම ගැටළුවලට විසඳුම් ලබාදීමට සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ජනාධිපතිවරයා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලූ අතර, අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක ද නිරත වුණා.

නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටළු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර, එම ගැටළු සඳහා කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.

මන්නාරම සුළං බලාගාරය ඉදි කරන ප්‍රදේශය ද නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා සුළං බලාගාරයේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බැලීමට ද කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?