අවුරුදු 7 ක අලි පැටවා ගමට පැන ගම්මුන්ගෙන් ඉල්ලු උපකාරය

නවගත්තේගම මහමැද්දෑව ග්‍රාමනිළධාරී වසමේ ගොවීන් පිරිසක් කුබුරු වැඩ සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේ ගම්වැසියන් පසු පස වයස අවුරුදු 7 ක පමණ වන අලි පැටවෙකු ලුහුබැඳ පැමිණ තිබේ.

එම අවස්ථාවේ දී ගොවීන් විසින් මහමැද්දෑව නිවසක් වෙත දිව ගොස් ඇති අතර එහිදි ඔවුන් නිවස තුලට ගොස් ඇති අතර එහිදී කුලප්පු වී සිටි වන අලියා නිවසේ තිබූ භාණ්ඩවලට හානි සිදු කර ඇත.

පසුව ඒ මේ අත දිව ගිය අලි පැටවා නිවසේ ඉස්තෝප්පුව මත වැටී ඇත්තේ කුමක් හෝ කරුණක් නිසාවෙනි. වන අලි පැටවා නැගිටීමට උත්සහ දැරුවද එය ව්‍යර්ථ වූ හෙයින් නවගත්තේගම අඩවි වන නිළධාරි කාර්‍යාලය දැනුම්වත් කර ඇති අතර පසුව නවගත්තේගම අඩවි වන නිළධාරින් පැමින නිරීක්ෂණය කිරීමේදී අනාවරණය වී ඇත්තේ අලි පැටවා තෙහුට්ටු වී ඇති බවය.

පසුව වනජීවී පශුවෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා දැනුවත් කර වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට නවගත්තේගම අඩවි ආරක්ශක සන්ජීව වීරසේකර , පශුවෛද්‍ය ඒකකයේ අඩවි සහකාර මන්ජුල අඩවි සහකාර ලලිත් යන මහත්වරුන් ඇතුලු නවගත්තේගම වනජීවී නිළධාරීන් කටයුතු සිදුකරන ලදි.

එහිදී වෛද්‍යවරයා විසින් සදහන් කලේ මුඛයෙහි වූ තුවාල හේතුවෙන් අලි පැටවාට ආහාර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශරීරය දුර්වල වී ඇති බවය.පසුව නිළධාරින් විසින් වන අලියාට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන ලදි.වනජීවී නිළධාරින් විසින් මේ වන විටත් වන අලියාට ප්‍රතිකාර ලබා දෙමින් ඇත.

https://youtu.be/JtMYpevX5Uk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
50
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?