Update :- මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළී අතුරුදන් වූ දැරියන් තිදෙනා සොයා මෙහෙයුම්

සූරියවැව – මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරකින් අතුරුදන්ව ඇත්තේ දැරියන් තිදෙනෙක් බව වාර්තා වනවා.

අතුරුදන්ව සිටින තිදෙනා සොයා සෝදිසි මෙහෙයුම් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ 18, 16 සහ 10 යන වයස්වල පසුවූවන බවයි වාර්තා වුණේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඔරුවේ පුද්ගලයින් අටදෙනෙකු ගමන් කර ඇති අතර ඉන් පස්දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකිවූ බවයි පොලීසිය සඳහන් කළේ.

එලෙස බේරාගෙන රෝහල් ගතකළ පිරිස අතර බිළිඳෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඔවුන් ඥාතියෙකුගේ උත්සවයක් සඳහා සූරියවැව ප්‍රදේශයට පැමිණ සිටි ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම අටදෙනා මසුන් ඇල්ලීම සඳහා යොදාගන්නා කුඩා ඔරුවක නැඟී ගමන් කරන අවස්ථාවේ දී වැව මැදදී ඔරුව පෙරළී එම අනතිර සිදුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?