අභිරහස් ලෙස මියගිය 15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කළ සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (11) උදෑසන 15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා පලාගිය පුවතක් අප ඊයේ වාර්තා කළා.

එහිදී රෝහල් ගතකළ 15 හැවිරිදි දැරිය රෝහල් ගතකර අවස්ථාව වන විටිත් මියගොස් සිටි බවටයි වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් දැරිය රෝහල වෙත රැගෙන ආ පුද්ගලයින් විසින් පසුව ඇයගේ මව්පියන්ට දුරකථන ඇමතුමක් දී දැරිය රෝහල් ගතකළ බව දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ දැරිය වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ ස්ව කැමැත්තෙන් ජීවත්ව ඇති බවටයි.

මේ අතර අදාළ දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින් තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි ඊයේ දැනගන්නට ලැබුණේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?