අභිරහස් ලෙස මියගිය 15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කළ සිද්ධියේ කරුණු රැසක් හෙළිවෙයි

පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (11) උදෑසන 15 හැවිරිදි දැරියක් ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා පලාගිය පුවතක් අප ඊයේ වාර්තා කළා.

එහිදී රෝහල් ගතකළ 15 හැවිරිදි දැරිය රෝහල් ගතකර අවස්ථාව වන විටිත් මියගොස් සිටි බවටයි වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබී ඇත්තේ.

කෙසේ වෙතත් දැරිය රෝහල වෙත රැගෙන ආ පුද්ගලයින් විසින් පසුව ඇයගේ මව්පියන්ට දුරකථන ඇමතුමක් දී දැරිය රෝහල් ගතකළ බව දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අදාළ දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) දිනයේ සිදු කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ දැරිය වේයන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සමඟ ස්ව කැමැත්තෙන් ජීවත්ව ඇති බවටයි.

මේ අතර අදාළ දැරියගේ මුහුණේ සහ සිරුරේ තැනින් තැන පහරදීමකින් සිදු වූ බවට සැකකරන තැලුම් පහරවල් ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි ඊයේ දැනගන්නට ලැබුණේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14