ඕස්ට්‍රේලියාවෙන් පිටව යන මොහොතේ කෝලිගෙන් විශේෂ ප්‍රකාශයක්

එංගලන්ත කණ්ඩායම හමුවේ ඉන්දියාව ලද දරුණු පරාජය පිළිබඳව මේ වනවිට ක්‍රිකට් ලෝකයේ බොහෝ දෙනෙකු අතර කතාබහට ලක්ව ඇති මාතෘකාවක් බවට මේ වනවිට පත්ව තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් ඇතැම් ඉන්දීය ක්‍රිකට් විචාරකයින් මේ වනවිට ඉන්දීය කණ්ඩායම දැඩි ලෙස විවේචනය කිරීමට පටන්ගෙන ඇති බව සඳහන්.

මෙම සියලු විවිචන හමුවේ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියේ වැඩිම ලකුණු ලාභියාවන විරාට් කෝලි විශේෂ ප්‍රකාශයක් සිය නිල ෆේස්බුක් පිටුවට එක්කර තිබෙනවා.

සිහිනය සාක්ෂාත් කර ගැනීමට නොහැකිව අපගේ හදවත්වල කලකිරීමෙන් ඕස්ට්‍රේලියානු බිමෙන් පිටව යන බවයි කෝලි එහිද සඳහන් කර ඇත්තේ.

විරාට් කෝලි එක්කළ විශේෂ සටහන පහතින්.

“අපි ඕස්ට්‍රේලියාවෙන් පිටව යන්නේ අපගේ සිහිනය සාක්ෂාත් කර ගැනීමට නොහැකිව සහ අපගේ හදවත්වල කලකිරීමෙන්. නමුත් අප කණ්ඩායමක් ලෙස අමතක නොවන අවස්ථා රාශියක් ගෙන මෙතැන් සිට වඩා හොඳ වීමට ඉලක්කය වී ඇත.
ක්‍රීඩාංගණවල අපට සහයෝගය දැක්වීමට පැමිණ සිටි අපගේ සියලුම ක්‍රීඩා ලෝලීන්ට ස්තූතියි. මේ ජර්සිය ඇඳගෙන අපේ රට නියෝජනය කරන්න ලැබීම ගැන ආඩම්බරයි.”

02 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?