කාර්තිවු – අක්කරපත්තු ප්‍රධාන මාර්ගයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ප්‍රදේශයේ දී ඊයේ (10) සිදුකළ වැටලීමක දී මැණික් යැයි සැක සිතිය හැකි විවිධ වර්ණයෙන් යුතු පාෂාණ 188ක් අඩංගු පාර්සලයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සමඟ ඔහු සන්තකයේ තිබී මැණික් ගල් පරික්ෂා කිරිමේ උපකරණයක් ද සොයා ගැනීමට හැකිවූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා වයස අවුරුදු 27ක් වන ගල්ලෑල්ල, තමන්කඩුව ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාර්තිවු පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




