වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්

පාලන මිල ඉක්මවා වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා අද (08) සිට වැටලිම් ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අදාළ වැටලීම් සිදුකරන බවයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ.

මේ අතර වෙළෙඳපොළේ බිත්තර හිඟයක් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

කුකුළු ව්‍යාපාරිකයින් ගොවිපොළ වසා දැමීම ඊට ප්‍රධාන හේතුව වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළේ, සත්ත්ව ආහාර මිල ද මේ දිනවල පහළ ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?