මුව මස් ඇද්ද යුද හමුදා ගිලන් රථය

යුධ හමුදාවට අයත් ගිලන් රථයකින් මුව මස් කිලෝ 03ක් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවී කාර්යාලය සදහන් කරනවා.

මාදුරු ඔය උද්යානයේදී ඊයේ (07) දහවල් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනෙකු සහ රියදුරෙකු බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු ලාන්ස්කෝප්‍රල්වරුන් දෙදෙනා මාවනාගම යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන දෙදෙනෙක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරුවන් මස් ප්‍රවාහනය කිරිම සදහා යොදාගත් ගිලන් රථය යොදාගෙන මීට පෙරද මුව මස් ප්‍රවාහනය කර ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකරුවන් අද (08) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40