ලබන වසරේ රට තුළ බිත්තර හිඟයක් ?

මේ වනවිට වෙළඳපොල තුළ බිත්තරයක් පාලන මිල ඉක්මවා අලෙවි වන බව පාරිභෝගිකයින් චෝදනා කරනවා.

ඒ, අනුව රතු බිත්තරයක් රුපියල් 55 කටත් සුදු බිත්තරයක් රුපියල් 54 කටත් වැනි මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් පවසන්නේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 660 ත් 680ත් අතර මිලකට අලෙවි වන බව ද වාර්තා වනවා.

මේ අතර බිත්තර තොග ලැබීම අඩු වීම හේතුවෙන් වෙළඳපොළේ බිත්තර හිඟයක් ද පවතින බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ ලබන වසරේ දී මෙරට බිත්තර හිඟයක් ඇති වීමට ඉඩක් ඇති බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයන්ගේ සංගමය අනතුරු අඟවනවා.

පසුගිය දිනවල බිත්තර මිල විශාල වශයෙන් ඉහළ ගිය අතර එය පාලනය සඳහා රජය විසින් බිත්තරයක් සඳහා රුපියල් පනහක පාලන මිලක් නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?