Breaking News :- ගුණතිලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත සිඩ්නි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම සිඩ්නි අධිකරණය අද (07) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙන බවයි වාර්තා වන්නේ.

29 හැවිරිදි තරුණියක් විසින් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලක පසුගිය 06 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඕස්ට්‍රෙලියා රාජ්‍ය අපරාධ විධාන අංශයේ ලිංගික අපරාධ අංශය සහ නැගෙනහිර පොලිස් ප්‍රදේශ විධානයේ රහස් පරීක්ෂකයින් සිදුකළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි ගුණතිලකව මෙලෙස අත්අඩංගුවට පත් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?