දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබාදෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තබා තිබෙනවා.
ඒ, අනුව මෙම නව නීතිය මඟින් මිනීමැරුම්, මංකොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බරපතල අපරාධ සම්බන්ධයෙන් සමාව ලැබ සිටින හෝ පරිවාස කාලයකට යටත්ව සිටින පුද්ගලයින්ට රුසියානු හමුදා සේවයට එක්වීමේ අවස්ථාව හිමිවනවා.
එමෙන්ම ලිංගික අපරාධ, රාජද්‍රෝහීත්වය, ඔත්තු බැලීම හෝ ත්‍රස්තවාදය, අන්තවාදී ක්‍රියාකාරකම්, න්‍යෂ්ටික ද්‍රව්‍ය සහ විකිරණශීලී ද්‍රව්‍ය නීති විරෝධී ලෙස හැසිරවීම, ගුවන් යානා පැහැර ගැනීම යන වරදවල් සිදුකර ඇති අපරාධකරුවන්ට මෙම අවස්ථාව හිමි නොවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6




