ගුණතිලක ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ නිවේදනයක්

සිඩ්නි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ නිවේදනයන් නිකුත්කර තිබෙනවා.

ලිංගික චෝදනා 04ක් එල්ලවී ඇති ගුණතිලක අද පැරමැට්ටා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණය විසින් ගනු ලබන තීරණ සහ නියෝග දෙස දැඩි අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ නිවේදනය මඟින් දන්වා සිටිනවා.

එමෙන්ම ඔහු වැරදිකරු වුවහොත් ICC හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?