ත්‍රිරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව අද සිට

වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සඳහා සතියකට ලීටර් 05ක්ව පැවති ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා උපදෙස් ලබා දුන්නා.

ඒ, අනුව වැඩිකරන ලද ඉන්ධන කෝටාව අද (06) දිනයේ සිට ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන බවයි එහිදී සඳහන් වුණේ.

එම වැඩසටහන සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචිය පසුගිය පළමුවනදා සිට බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරුණා.

ඒ, අනුව පසුගිය 01 වනදා සිට ගත වූ සතියක කාලය තුළ ත්‍රිරෝද රථ 9,000ක් පමණ ලියාපදිංචි වී තිබෙනවා.

කෙසේ වෙතත් අමතර ඉන්ධන ලීටර් 05ක කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා තවදුරටත් අවස්ථාව පවතින බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර බස්නාහිර පළාතේ පමණක් ක්‍රියාත්මක කෙරෙන අතර, අනෙක් පළාත් තුළ ද පසුව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මේ අතර www.wptaxi.lk වෙබ් අඩවියට පිවිසීමෙන් බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථවලට මේ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාව තවමත් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44