දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ, අනුව නැගෙනහිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් අද උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවමේ හැකියාව පවතිනවා.
මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




