සවස් කාලයේ දී හා රාත්‍රියේ අදත් ගිඟුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද අද (04) උදය කාලයේදී වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බවයි එම දෙපර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?