දේශීය අදායම් පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කථානායකට

දේශීය අදායම් සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් ගොනු කර තිබූ පෙත්සම විභාගය අද (03) අවසන්කර තිබෙනවා.

ඒ, අනුව එම පෙත්සම් පිළිබඳ තීන්දුව ඉදිරියේ දී කථානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

බුවනෙක අලුවිහාරේ, ජනග් ද සිල්වා සහ මෘර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සළකා බැලුවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ දේශීය ආදායම් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට පවසමින් පෙත්සම් 08ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?