ජනපතිගෙන් කථානායකට විශේෂ ලිපියක්

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සතුටුදායක ප්‍රගතියක් ලබාගැනීමට නොහැකිවී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද (03) ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා විසින් මේ බව දන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනාධිපතිවරයා මෙම ලිඛිත දැනුම්දීමෙන් පෙන්වා දී ඇත්තේ අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බවයි.

මෙරට දිගුකාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර ඇති බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථිකය ස්ථායිකරණය පිළිබද කාරක සභාව සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත්කිරීමට යෝජනා වුවත් එය මෙතෙක් සිදුව නැති බව ජනාධිපතිවරයා, කථානායකවරයාට පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම ආංශික කාරක සභා සඳහා තරුණ නියෝජිතයින් පස්දෙනෙකු පත් කිරීමට හා පාර්ලිමේන්තු අය වැය කාර්යාලය පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනා ද ක්‍රියාත්මකව නොමැති බව ද සඳහන්.

ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු ආංශික කාරක සභා 17ක් පිහිටුවිය යුතු වුවත්, මෙතෙක් ඒ සඳහා සභාපතිවරු පත් කර නොමැති අතර ආංශික කාරක සභා සඳහා පත් කළ යුතු තරුණ නියෝජිතයන් තෝරා ගනු ලබන ආකාරය හා ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් නිර්ණායක සකස් කිරීම සිදුව නැති බවයි.

ලබන වසරේ අය වැය ක්‍රියාත්මක වන විට මෙම යෝජනා ක්‍රියාත්මක කළ හැකි අතර, එමඟින් රජය අපේක්ෂා කරන පද්ධතිමය වෙනස (System Change) ඉතා ඉක්මණින් ළඟා කරගැනීමට හැකි වනු ඇති බව ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කරනවා.

පාර්ලිමේන්තු අය වැය කාර්යාලය සඳහා වූ නීති කෙටුම්පත ද මේ වන විට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර, ඒ පිළිබඳව පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර නීතිපති සහතික කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව එම ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති ජනාධිපතිවරයා මේ කරුණු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස ද කථානායකවරයාට දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46