‍කැබිතිගොල්ලෑව පොලිස් සැරයන්ගේ ඝාතන සිද්ධියට තවත් පහක් අල්ලයි

කැබිතිගොල්ලෑව – රඹකැපූවැව ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය අතර තුර, පොලිස් සැරයන්වරයෙක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයින් ඊයේ (02) දින අත්අඩංගුවට ගත් අතර, මේ වනවිට එම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 19ක්.

එම පිරිස අතර, භික්ෂූන් වහන්සේ නමක් ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

ඊයේ (02) අත්අඩංගුවට පත් සැකකරුවන් පස්දෙනා අද (03) දිනයේ කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 14 දෙනෙක් ඊයේ (02) දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් 13 දෙනෙකු ලබන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

ඉන් එක් අයෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.

මේ අතර පොලිස් සැරයන්වරයාගේ හිසට වැදුණු පහරකින් මොළයට සහ හිස්කබලට හානී සිදුවීමෙන් අදාළ මරණය සිදුව ඇති බවට මියගිය පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?