Update – හික්කඩුවේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ දෙදෙනා ජීවිතක්ෂයට (වීඩියෝ)

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

අධිකරණ කටයුත්තක් සඳහා යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක්ට, අද (31) පෙරවරුවේ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ දෙදෙනා ඇතුළත් කෙරුණේ ගාල්ල – කරාපිටිය රෝහලටයි.

T 56 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 26 අහ 47 යන වයස්වල පසුවන හික්කඩුව, කළුපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

Update :- Monday, October 31, 2022, 11.18 AM

හික්කඩුව, තිරානගම ප්‍රදේශයේ දී අද (31) පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

යතුරුපැදියකින් යමින් සිටි දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අධිකරණ කටයුත්තක් සඳහා යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

https://youtu.be/3Iiao3A6mOo
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?