තෙරපීමකින් 146 ක් මිය ගොස් 150 ක් තුවාල ලබයි

දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති හැලොවීන් සැමරුමක් අතරතුර දී ඇතිවූ තෙරපීම නිසා පුද්ගලයින් 146 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය මේ වනවිට වාර්තා කර ඇත්තේ පුද්ගලයින් 150ට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බවයි.ජනාධිපති Yon Suk-yeol තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් ද පවත්වා ඇති අතර ප්‍රදේශයට හදිසි වෛද්‍ය කණ්ඩායම් කැඳවීමට නියෝග කළ බවයි ඔහුගේ කාර්යාලය කියාසිටියේ.

එම උත්සවය සැමරීම සඳහා 100,000කට ආසන්න පිරිසක් සහභාගී ව ඇති අතර එහිදී ඇති වූ තෙරපීමක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.