රසකැවිලි නොමැතිව මංගල උත්සවයේ ගෝරියක් – තරුණයෙක් ජීවිතක්ෂයට

රසකැවිලි හේතුවෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් මංගල උත්සවයක දී හටගත් ගැටුමක දී එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

රසගුල්ලා නැමති රසකැවිලි වර්ගය නොමැතිවීමෙන් මනමාලියගේ සහ මනමාලයාගේ පාර්ශ්වය අතර මෙම ගැටුම ඇතිව ඇත්තේ පසුගිය බදාදා රාත්‍රියේ පැවති මංගල උත්සවයක් අතර තුරයි.

එහිදී ගැටුම අතර තුර පුද්ගලයෙකු විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් තරුණයෙකු මියගොස් ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් එට්මඩ්පූර්හි ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානය වෙත යොමුකර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ .

මියගිය තරුණයාගේ පවුලේ අය විසින් සිද්ධිය සම්බන්ධව පැමිණිල්ලක් ගොනු කර ඇතත් මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?