ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් විශේෂ ප්‍රකාශයක්

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

එම කොමිසම සඳහන් කරන්නේ අධිකරණ තීන්දුවකින් හැර වෙනත් ක්‍රමවේදයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ නො හැකි බවයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීමේ හැකියාවක් හිමිවන්නේ නැහැ.

ඒ, අනුව මෙම නව නීතියත් සමඟ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දස දෙනකුගේ පමණ මන්ත්‍රී ධුරයන් අහෝසි වීම අවස්ථාව පවතින බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු ද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශයට පත්කිරීමේ හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටින්නේ.

එමෙන්ම මැතිවරණ නාම යෝජනා භාරගැනීමේ දී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන අතර, යම් පාර්ශ්වයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ හොත් පමණක් අවශ්‍ය ක්‍රියමාර්ග ගන්නා බව ද මැතිවරණ කොමිසම දන්වා සිටිනවා.

තමන් ද්විත්ව පුරවැසියෙකු නම් වහාම මන්ත්‍රීධුරයෙන් ඉවත් වීම බව එම අවස්ථාවේ දී සිදුකළ යුතු බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46